My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

නව යුගයට පියනගමුද ? වංසේ කබල් ගාමින් කල් මරමුද ?

Posted by sadeepa palliyaguru on November 8, 2009

 

“සිංහල බස පිළිකන්නේ , ඉංග්‍රිසි යලි රජ වන්නේ “ මැයින් ලියූ ලිපිය කියවීමෙන් පසු මෙම ලිපිය ලිවීමට සිතුනි.

එරික් ගාමිණී මහතා සඳහන් කරන පරිදි ඉංග්‍රිසියට පයින් ගසා නිදහසට සමගාමීව අපි ‘ස්වභාෂාවෙන්’ ඉගනීම ආරම්භ කරන ලද්දේ 1910 පටන්‍ය. ඒ අනුව කොළඹ සරසවියේ කලා පීඨයේ සියලු විෂයන් සිංහල මාධ්‍යයෙන් ඉගැන්වෙන අතර , ඊට අමතරව දෙමල මාධ්‍යයෙන් හා අතලොස්සක් විශයන් ඉංග්‍රිසි මාධ්‍යයෙන්ද ඉගැන්වීම සිදුකෙරේ.

මෑතකදී සරසවියෙන් පිටවූ කලා පීඨ සිසුවකු ලෙස මා දකින්නේ “බලලා කූඩුවේම තබා ගැනීමේ” අටියෙන් ඉංග්‍රිසියට විරුද්ද වන්නන් ගේ පොදු මතය මෙම ලිපියෙන් පෙන්නුම් කෙරෙන බවයි. මම මෙසේ කියන්නේ හේතු ගණනාවක් මතය. ප්‍රතමයෙන්ම කලා උපාදි දාරීන් මුහුණ දෙන පොදු ගැටලුව සලකා බලමු. එය නම් රැකියා විරහිතභාවයයි. කොළඹ කොටුවේ අවුවේ වේලෙමින්, පාරවල් වසා ගනිමින් රැකියා ඉල්ලා සටන් කරන බොහෝ දෙනා කලා උපාදි දාරීන් වේ. රැකියා වෙලඳපොල තුලදී ඔවුන් හට මුහුණ දෙන්නට වන පොදු ගැටලුවක් වන්නේ ඉංග්‍රීසි හා පරිගණක දැනුම නොමැතිවීමයි. සමාජ විද්‍යාව , ආර්තික විද්‍යාව වැනි ප්‍රායෝගික විශයන් හැදෑරූ අයට පවා ඉංග්‍රීසි දැනුම නොමැති වීම හමුවේ රැකියා ලබා ගැනීම අපහසු වේ. ගුරු පත්වීම් හෝ සමහර රජයේ රැකියා හැරෙන්නට ඔවුන්ට පෞද්ගලික අංශයේ දොරවල් සම්පූර්ණයෙන් වැසී ඇත. මේ තත්වය සමනය කළ හැක්කේ ඉංග්‍රීසි මාද්‍ය භාවිතාව සරසවියේ ප්‍රචලිත කරවීමෙන් පමණි. මන්ද සරසවිය තුල කෙරෙන ඉංග්‍රීසි පාටමාලාව කෙරෙහි පවා බහුතරයක් සිසුන් දක්වන්නේ ඇල්මැරුණ ආකල්පයක් බැවිනි. සිංහල මාද්‍යයෙන් අද්‍යාපනය ලබා , විශේෂ උපාදි පලමු සාමාර්ඨ සහිතව සම්පූර්ණ කරන ලද සිසුන් පවා රැකියා විරහිතව සිටින්නේ බොහෝ සෙයින් මේ භාෂා ගැටලුව නිසාය.

කොළබ සරසවියේ කලා අංශයේ පුස්තකාලයට ගිය අයෙකුට සරසවි වල “සිංහල මාද්‍ය” බාවිතයේ තවත් පැතිකඩක් දැකගත හැකි වනු ඇත. වසර ගනණාවක් පුරා පැවති ජාත්‍යන්තර සබඳතා වැනි විශයන්ට පවා ඇති පොත් බොහොමයක් ඉංග්‍රිසි මාඩ්‍යයෙන් රචිත ඒවා වන අතර සිංහලින් ලියවුණු පොත් ඇත්තේ අතලොස්සකි. අපි සිංහල මාඩ්‍යයෙන් ගෙනගිය සරසවි අඩ්‍යාපනය සාර්ඨක වූවානම් පුස්තකාල පුරා සිංහලින් ලියවුණ පොත් තිබිය යුතු අතර , එය සිදු නොවී ඇත්තේ සිංහල මාඩ්‍ය මුල්කරගත් අඩ්‍යාපන ක්‍රමයේ අසාර්ඨක බාවන නිසා බව මාගේ හැඟීමයි. තිබෙන ඉංග්‍රිසි පොත් වල දූවිලි බැදී ඇති අතර ඒවා කිසිවෙකු පරිහරණය නොකරති. අවසාන වශයෙන් සිදුවී ඇත්තේ නව දැනුම හබා නොයන , “නෝට් පොටෝ කොපි කරන” ගිරා පෝතක රැලක් බිහිවීම පමණකි.  නව දැනුම හබා යාමට ඔවුන්ට ඇති බාඩකය වී ඇත්තේ “ඉංගිරිසියයි”. තමා හමුවේ ඇති බාධකය තරණය කරණු වෙනුවට , එය පිලිකෙව් කරමින් , එයට පරිබව කරමින් සිංහලෙන්ම ඉගෙනීමෙන් කිසිඳු සාඳනීය තත්වයක් ඇති නොවනු ඇත. එයින් සිදුවන්නේ නව දැනුමෙන් අප දුරස් වීමත් , “කූඩුවේම අප හිර වීමත්” පමණි. ලංකාවට මෑතකදී හඳුන්වා දුන් ගැටුම් නිරාකරණ විශය උදාහරණයකට සලකා බලබු. ආචාර්‍ය ජයදේව උයන්ගොඩ වැනි රචකයන් ලිවූ පොත් අතලොස්සක් හැරුණකොට , සියලු පොත් හා නිබන්දන ඇත්තේ ඉංග්‍රිසි බසිනි. අප කළ යුත්තේ කුමක්ද ? ස්වභාෂා අද්‍යාපනය නම් “ස්වබාදා” ප්‍රතිපත්තිය මත සිටිමින් නව දැනුමින් ඈත් වනවාද , නැත්නම් අභියෝග වලට මුහුණදෙමින් ඉංග්‍රිසිය පහුරක් කරගනිමින් නව දැනුම කරා යෑමද ? .

එරික් ම‍හතා දක්වන ලෙසම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්වීම පිලිබඳ කතිකාවතක් කලා පීටය තුල කලක පටන් තිබුණි. අප සරසවියේ සිටින කාලය තුලදීම මෙම වෙනසට විවිද ලෙස ප්‍රතික්‍රියා දැක්වූ ආචාර්‍යවරුන් අපට දැකගත හැකිවිය. සරසවිය තුල සිටි ප්‍රගතිශීලී තරුණ ආචාර්‍යවරු මෙම වෙනසට සුබදායී ලෙස ප්‍රතිචාර දැක්වූහ. අපට ඉගැන්වූ එක් ආචාර්‍යවරයෙක් , ඉංග්‍රීසි මාදය‍යෙන් ඉගනගන්නා සිසුවියක ගෙන් ඉංග්‍රිසි ඉගනීමට තරම් නිහතමානී වන්නට ඇත්තේ මෙහි අවශයතාවය ඔවුනට එදා පටන්ම දැනුන නිසා වන්නට ඇත.

තවදුරටත් ගතහොත් රටේ පවතින පොදු “කුමන්ත්‍රණ න්‍යාය” එරික් මහතා IRQUE ව්‍යාප්‍රුතියටද අදාල කරගෙන් ඇත. කොළබ සරසවියේ කලා පීටයට අලුතින් ලැබී ඇති පරිහණක විද්‍යාගාරය , එහි උපාදි අපේක්ශකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුහුණු වැඩමුලු , ශිෂ්‍ය උප්දේශන සේවා ,  සරසවියේ ක්‍රියාත්මක වන සිංහල හා දෙමල පාටමාලා මෙම කුමන්ට්‍රණයේ කොටස්ද ? සිංහල බසින්ම සුපුරුදු ලෙස ඉගැන්වීම ප්‍රිය කරණ , නව්‍යකරණයට  විරුද්ද අයට IRQUE  “ඈක්” වීම ස්වභාවිකය. 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව මෙම වසරේ සැබවින්ම සිදු විය යුතුව ඇත්තේ සරසවිය ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්වීම වේගවත් වීමයි. මක්නිසාද යත් අතිගරු ජනාධිපතිතුමා මේ වසර “ඉග්‍රිසි හා තොරතුරු තාක්ෂණ වසර” ලෙස නම් කොට ඇති බැවිණි.

ඉංග්‍රීසි මාද්‍යෙන් ඉගැන්වීම හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතාවය බිඳ දැමීමට  එරික් මහතා ගෙන එන ප්‍රති තර්ක හාසයෝත්පාදකය ! ජෝර්ජ් බුෂ් ඉංග්‍රිසියෙන් ඉගනගනු විනා ලංකාවට පැමිණ සිංහලෙන් ඉගන ගත යුතුද ? ඔබ කියන අන්දමට ලන්ඩනයේ යුනිවර්සිටි කොලිජියේ ඉංග්‍රිසියෙන් ඉගන ගත් මහත්මා ගාන්දි හට අවිහිංසාවේ පියා වීමටද නොහැකි වනු ඇත. ඉංග්‍රිසියෙන් ඉගැන්වීම වෙනුවෙන් පෙනීසිටින අයගේ දරුවන් ගැන අප කතා කළ යුත්තේ ඔවුන් අපට ඉංග්‍රිසියෙන් ඉගනීමට කියා , ඔවුන්ගේ දරුවන්ට සිංහලෙන් උගන්වනවා නම් පමණි.

විශ්ව විද්‍යාලය යන පදයේ අර්තයට විශ්ව දැනුම ගවේශණයද අදාල වනවා ඇත. සිංහලය කර මත තබා අපට විශ්ව දැනුම ගවේශණය තරමක් අසීරු වනු ඇත. අප අසල්වැසි ඉන්දියාව මෙම කඩුල්ල ජයගත් රටකි. එම රටෙන් බිහිවූ ශ්‍රේශ්ට උගතකු වන මන්මෝහන් සිං මෙය දක්වන්නේ මෙලෙසිනි.

“ඉංග්‍රිසි යටත් විජිතයෙන් අපට ලැබුණු වැදගත්ම දායාද වන්නේ ඉංග්‍රිසි බාශාව හා නූතන පාසල් ක්‍රමයයි. …. ලොව බොහෝ රටවල් කර ඇති ලෙස මෙම බාශාව අප විසින් අපේ එකක් කරගෙන ඇත … අපි කතා කරන ඉංග්‍රිසි රැජිනගේ භාශාවම නොවන අතර , අප අතින් වැරදීම් සිදු වනු ඇත . අපි ඉංග්‍රිසි නිපාත නිසි ලෙස යොදා නොගනු ඇත. එසේ වුවත්  ආර්. කේ නාරායන් හා සලමන් රූශ්ඩි වැනි අය තුලින් ඉංග්‍රිසියට ඉන්දියානු නිර්මාණශීලීත්වය අපි එක් කොට ඇත්තෙමු. අද ඉංග්‍රිසිය , තවත් ඉන්දියානු භාශාවක් බවට පත්වී හමාරය.”

මන්මෝහන් සිං ඔක්ස්ෆෝඩ් සරසවියේදී

ඉන්දියාව , ඉංග්‍රීසීන්ට පයින් ගැසුවද ඉංග්‍රීසි භාෂාවට පයින් නොගැසීම ඔවුන්ගේ දියුණුවට හේතුව විය. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසා අද ඉන්දියාව තෙරතුරු හා සන්නිවේදන තාක්ශණයේ පෙරගමන්කරුවා වී ඇත. අපි ඒ දෙස බල බලා හූල්ලමින්  “ස්වභාෂාව” බදා ගෙන සිටිමු. ස්වභාෂාව තරම් අපේ රටට හෙණයට සිටි තවත් දෙයක් මට නොපෙනේ. එක් වතාවක් සිංහලය රාජ්‍ය භාෂාව කරගනිමින් , අවුරුදු 30 ක් ඇවිලුණ ගින්නක් අපි දැල්වුවෙමු.

සරසවි වල සිංහල මාද්‍යයෙන් ඉගැන්වීම තුලින් අප කරන්නේ කුමක්ද ? නව දැනුමට දෙරගුලු වසා ලීමයි. ඉංග්‍රිසිය තවදුරටත් “දනපති පන්තියේ” ආයුදයක් නොවේ. එය සියලු දෙනාට හිමි දෙයකි. එරික් මහතා කියන පරිදි සිංහල තුලින්ම ඉගැන්වීම සාමාන්‍ය පන්තියේ දරුවන්ට සරසවියේ අයිතිය උදුරා දැමීමකට වඩා සාමාන්‍ය පන්තියේ දරුවන්ට සාර්ඨකත්වය හා නුතන ලෝකය හා මුහුම් වීමේ අයිතිය උදුරා ගැනීමකි. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිඳු එදා නිදහස් අඩ්‍යාපනය ගෙන ඒමේදී එය “අපට ගහකට නගින්න එකෙක් නැති වීමක්” ලෙස සමහර අය හෙලා දකින ලදී. එබැවින් ඉංග්‍රිසියෙන් ඉගැන්වීමට විරුද්ද වීමත් , ඉංග්‍රිසිය මුල් කරගනිමින් ගොඩනැගුන බමුණු කුලයක අයට නොරිස්සීමට හැකිය.

මොරටුව සරසවිය මෙයින් ඔබ්බට ගිය එක් සරසවියකි. හොරොව්පතානේ සිට යාපනය දක්වා පරාසයක සිසුන් ඉංග්‍රිසි මාඩ්‍යයෙන් ඉගනීම කරන අතර , සාර්ඨකව රැකියා ලබාගනිති. අද විශ්ව විද්‍යාල අද්‍යාපනය රාජ්‍ය ඒකාඩිකාරයක නොපවතී. විවිද පෞද්ගලික  ආයතන විසින් උපාදිදාරීන් බිහි කරන අතර , ලංකා සරසවි ප්‍රජාව කළ යුත්තේ ඔවුන්ට තරඟයක් දිය හැකි සිසු පරපුරක් සරසවි තුලින් බිහි කිරීමයි. පෞද්ගලික සරසවි බොහෝ විට තම පාටමාල ඉංග්‍රිසියෙන් කරන අතර , සිංහලෙන් ඉගනගනිමින් , රැකියාවක් නොලැබීමේ අවදානම දන්නා සරසවී ශිෂය පජාව කරණුයේ පෞද්ගලික සරසවි වලට එරෙහිව පාරට බැහීමයි.

ඉතින් අප කළ යුත්තේ කුමක්ද ? වංශය කබල් ගාමින් සිංහලෙන් උගනිමින් රැකියා විරහිත උපාදිදාරී සංගම් සාමාජිකත්වය ලබා ගන්නවාද , නැතිනම් ලෝකයේ භාෂාව මගින් නියම “විශ්ව අඩ්‍යාපනයයක්” විශ්ව විශ්‍යාල තුලින් ලබා ගන්නවාද ? – කොළබ සරසවි කලා පීට විඩ්‍යාර්තීනි , තීරණය ඔබෙයි !

 

Posted in Uncategorized | 3 Comments »

ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි

Posted by sadeepa palliyaguru on November 7, 2009

 

සිකුරාදාවක් … වැහි දිනක්…

120 බස් නැවතුමක් … පාමංකඩ

සුපුරුදු ලෙස බිරිඳ සමග බස් නැවතුමට උදෑසනම ගියේ රතු ඉරට පෙර වැඩට යාමටයි.

තුන් රෝද රියක් නවතී ..යුවලක් ඉන් බසී …

මහලු යුවලක් …

සැමියා දෑස් අඳ අයෙකි… සුදු ජාතික ඇඳුමකින් සැරසී සිටී…

සුදු සැරයටියක් ඔහුගේ අබල අතේ ….

මහලු බිරිය ඔහු වත්තම් කරගෙන බස් නැවතුමට ආවාය..

ඔහු වෙව්ලයි …. සීතලින්ද ? අසනීපද ?

බස් රියක් පැමිණෙයි..

බිරිඳ අඳ සැමියා වාරු කරගෙන බසයට නැගීමට තැත් දරයි..

කොන්දොස්තර කොලුවා හඩ දෙයි…

අම්මේ ඔයගොල්ලන්ට නම් මේකේ යන්න බැහැ … ! ෆුඩ්බෝඩ් තමයි යන්න වෙන්නේ

බසයේ ඇති තරම් ඉඩ ඇත …

කොන්දොස්තර කොලුවා ගේ දෑස් රුපියල් සත වලින් වැසී ඇත..

යුවල නැවතත් බස් නැවතුමට …. වැස්ස මහ හඩින් වහියි…

බසය සුපුරුදු ලෙස වේගයෙන් ගමන අරබයි.

මට ගී පදයක් සිහිවෙයි … ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි

තවත් සුදු සැරයටි දිනයක් පසුගිය ඔක්තෝබර් 15 දින සැමරිණි.

Posted in Uncategorized | Tagged: , , , , , | Leave a Comment »

නවක වදයට එරෙහිව !

Posted by sadeepa palliyaguru on October 18, 2009

සදීප රවිනාත් පල්ලියගුරු

අංක 09,

ආටිගල නිවාස

කැස්බෑව

පිලියන්දල

ගරු ජනාධිපතිතුමා

අරලියගහ මන්දිරය

කොළඹ 3

ගරු ජනාධිපතිතුමනි,

උත්සන්න වන විශ්ව විද්‍යාල නවක වදය පිලිබඳව

මේ දිනවල ජනමාධ්‍යය මගින් දක්වා ඇති ආකාරයට අමානුෂික , පහත් හා නින්දිත අන්දමේ වද හිංසා වලට සරසවි වල ක්‍රියාත්මක වෙමින් පවතී. අමානුෂික ශාරීරික ව හිංසා , ලිංගික අඩත්තේට්ටම් හා වාචිකව කරන හිංසනය නිසා සරසවි වල පවතින ඉගනුම් පරිසරය අවුල් වී ඇති අතර නවක සිසුන්ට සරසවි ජීවිතය අප්‍රසන්න වන තත්වයට පත් වෙමින් පවතී. පේරාදෙනිය සරසවියේ නවක වදයෙන් පසුව පදවියෙන් පැමිණි නවක සිසුවියකගේ සුසුම්නාවට බරපතල තුවාල සිදුවූ සිදුවීම මේ සිදුවීම් වලින් එකක් පමණි. බොහෝ සරසවි සිසුන් මේ නිසා සරසවි හැර යන බව බොහෝ දෙනා නොදනිති.

බාහිර සමාජය තුලදී ලංකා නීතියට පටහැණිව කටයුතු කරන්නන්ට දැඩි දඩුවම් ලැබේ. පොලීසිය ඔවුන් අත්ඩංගුවට ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති කටයුතු ආරම් කරනු ලැබේ. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. කෙසේ වුවද මෙම පනතේ ප්‍රතිපාදන සරසවි තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර දැන් නවක වදය සංවිධිත වූ ප්‍රසිද්ධියේ කෙරෙන අපරාධයක් බවට පත්වී ඇත.

මෙවන් තත්වයක් ඇතිවීම ලංකාවේ නීතියේ බලය හෑල්ලු කිරීමක් වන අතර අතලොස්සකට සුලු පිරිසක් පීඩනයට ලක් කිරීමට ඉඩ සැලැස්වීමකි.

රටේ පලමු පුරවැසියා , රටේ විධායක ජනාධිපතිවරයා , නීතීඥයකු හා දරු තිදෙනකු ගේ පියා වශයෙන් මේ තත්වල පිලිබඳ සංවේදී වෙමින් ලංකාවෙන් නවක වදය තුරන් කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමා ගෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි. සරසවි වල පරිපාලනයට සහ පොලිසියට මේ පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී

………………………………

සදීප රවිනාත් පල්ලියගුරු

පිටපත් :

උසස් අධ්‍යාපන ඇමතිතුමා / විශ්චවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

Posted in Education, GOSL, Mahinda, Sri Lanka, Univerisity, law, leader, political, president, sinhala, uni, youth | Tagged: , , , | Leave a Comment »

Free Damma Books by Postal Mail

Posted by sadeepa palliyaguru on July 14, 2009

Came up with a wonderful web site distributing buddhist damma books freely via post. During a time of commercialism at it’s helm it’s commendable to see such a service in action. This valued service is provided by the The Corporate Body of the Buddha Educational Foundation , Taipe.

Lord Buddha himself has stated that

Sabba danam dhamma danam jinati

which means the gift of Damma is greater than all the gifts.  While thanking the Buddha Educational Foundation for their wonderful service i wish that this service will be available for a long time.

You can access their web site by visiting http://budaedu.org/en

The available material could be seen from http://budaedu.org/en/book/

Please spread the word among your friends and use the valuable resources sparingly.

Posted in books, buddhism | 1 Comment »

Leo District Conference : Leo Web Cast

Posted by sadeepa palliyaguru on June 24, 2009

හිතවත් මිතුරනි ,

ලියෝ දිස්ත්‍රික් 306 ඒ 2 විසින මේ මස 27 වනදා කොළබ හෝටල් පාසලේදී ඔවුන්ගේ වාර්ෂික සම්මේලනය පවත්වනවා. එම උත්සවය සජීවීව වෙබ් කාස්ට් එකක් මගින් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට එය http://www.livestream.com/leowebtv හෝ http://www.leodistrict306a2.org/node/125 වෙතින් බලා ගත හැක.

මෙය අපි කරන තාක්ශනික අත්හදා බැලීමක් නිසා ජූනි 27 වෙනිදා පස්වරු 1 සිට මේ වැඩසටහන නරබා ඔබගේ ප්‍රතිචාර ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

Invitation banner Leo district conference

Invitation banner Leo district conference

එම අඩවියේ ඇති චැට් පහසුකම හරහා වුවද ඔබට අදහස් දැක්විය හැකියි.

දැනට ඇත්තේ අත්හදා බැලීමේ සේවාවකි.

Posted in Blogroll, IT, Technology, leo, web development, webcast, youth | Tagged: , , , , , | Leave a Comment »

අපි ඩෙංගු උණ වලක්වා ගමු – පොඩ්කාස්ට් එකක්

Posted by sadeepa palliyaguru on June 7, 2009

ඩෙංගු වලක්වා ගමු

මාරාන්තික ඩෙංගු රෝගය වලක්වා ගැනීම පිළිබඳ මහජන නිවේදනයක් (පොල්ගසෝවිට සිංහ සමාජය හා ලියෝ සමාජය මගින්)

Posted in Education, youth | Tagged: , , , , , | Leave a Comment »

My Brothers Presentation on Rodi Community of Sri Lanka

Posted by sadeepa palliyaguru on May 31, 2009

The Rodi Community in Sri Lanka

Grabbed from Authorstream of Cha. Well done brother ! I think this is a memorable one for his as this is his first presentation at Uni.  Hope this would be useful to anyone doing a presentaiton on Rodiya community.

Posted in Blogroll, Education, Univerisity, family, uni, youth | Tagged: , , , , | 1 Comment »

In Memoriam : Major Tuan Nisham Muthalif

Posted by sadeepa palliyaguru on May 30, 2009

Heros Never Die !

Heros Never Die !

Even though the war against terror is over , this nation will never forget the heros who faught valiantly. Major Tuan Muthalif , a great hero who led many successful missions against the ruthless LTTE – you should have been here to celebrate victory with your fellow brethren.

He was shot in day light at Narahenpita Colombo by a covert LTTE unit at Colombo as they were unable to defeat this man at the battle front on 31st May 2005. This brave man would be remembered as a top Military Intelligence officer of Sri Lankan Defence Forces.

This is in rememberence of his 4th Dead Anniversary.

Posted in GOSL, LTTE, Sri Lanka, conflict, death, hero, war | Tagged: , | 2 Comments »

LTTE : What they want you to see and not to see

Posted by sadeepa palliyaguru on May 16, 2009

This photo is for all the media and NGO who criticized Sri Lankan defence forces based on the propaganda lies of LTTE

This photo was released to media and it caused a huge buzz in favour of LTTE.

wht_u_see

What you dont see . This is the real photo , with the part they have croppedWhat they don't want you to seePlease dont get duped with LTTe white lies. It is only propaganda to save their leadership. This war is to save the civilians and destriy one of the most feared terror group.

Posted in Blogroll, LTTE, blog, camp, conflict, death, diplomat, extorsion, tamils, war | Tagged: , , , , | Leave a Comment »

Sri Lanka Army : The “Professional” Force and my lost identity card

Posted by sadeepa palliyaguru on March 19, 2009

I was a great fan of Sri Lanka army up to today. I have participated in a walk to pay tribute to soldiers, had written on behalf of them in various online forums, has donated material and assisted different campaigns to support Sri Lankan defense forces. (Just look at my previous post to find out about the walk, here is a youtube video).

I have lost my NIC and due to the different bottlenecks obtaining a new one has been extremely difficult. They have stopped the one day service and from the police station which has a broken type writer to type the certified entry copy everywhere i had to face many delays in obtaining a copy.

Today i was stopped at a check point while i was proceeding to my work. I have been stopped at check points without my ID and in most of places i have met people with required intelligence level to realize that this is a geniune case. I had a photo copy of my previous ID and today they detained that copy at the check point. This copy was very useful in most checkpoints and today they kept it after speaking very harshly to me.

This country considers defense forces heros. I was deeply moved watching the alleged Oddusudan attack thinking about the risks they undergo daily. I myself has wished i could join the defense forces.

My experience today changed my view of defense forces. If the Sri Lankan army officers at Colombo could be this much irrational and inhuman , how can those at Vanni and PTK be the “professional” force caring for the civilians ? We know the “professional” behaviour of Sri Lanka police, due to the large number of HR petitions filed against them and i dont think SLA and other forces are that much bad.

People consider the army heros. I still belive that they are real heros. If the heros at the check point gave back my ID copy it would have been really helpful. What to do … ? All heros have their weaknesses right !

What do you think ?

Posted in Blogroll, GOSL, conflict, forces, hero, thought, war | Tagged: , , , , | Leave a Comment »