ආයතනයක කීර්තිය රදා පවතින්නේ එමමා ආයතනය තමන් ගැටෙන මිනිසුන්ට දක්වන ගරුත්වය මතයි. තොරතුරු තාක්ශණවේදින් ණමන්ගේ වුරිතියට දක්වන ගරුත්ව මහ ඉහලින් අගය කරනවා…
ලංකාවේ තොරතුරු තාක්ශණය ගැන “ඉදිරියෙන්ම” ඉන්න අයි. සී . ට් . ඒ ආයතනය තමන්ගේ සේවකයන්ට නම් සලකන්නේ ඒ අයුරින් නෙවෙයි. ෆයර්ෆොක්ස් සිංහලට හරවන්න මුල් වුන ඩනිශ්ක නවීන් ගෙන් එහි අයිතිය උදුරා ගෙන නොනැවතී ඔහුගේ බ්ලොග් සටහන් මකන්නට බලකරමින් ගෙනයන තොරතුරු තාක්ශන අන්තවාදය ඩනිෂ්කගේ මානව හිමිකමුත් උල්ලංගනය කරලයි තියෙන්නේ..
කාටවත් කවුරුවත් ලියන මොනම සටහනක් වත් මකන්න බල කරන්න පුලුවන්ද ?
ඩනිෂ්ක ගේ කැනඩා ගමනින් පස්සේ අපිත් එක්ක එකඟ වෙච්ඡ සමහර අයට පවා ඩනිෂ්ක ගැන ඉරිසියා හිතිලා වගේ …කැනඩා ගමනකින් ඩනිෂ්කගේ හඩ නැති කරන්න මේ ගොල්ලො හැදුවා වෙන්න පුලුවන්..
මතක තියා ගන්න සිංගල ෆයර්ෆොක්ස් ඩනිශ්කගේ නොවේ , මගෙත් නොවෙයි , ICTA එකෙත් නෙවෙයි එය මහජනතාවගෙයි .. ෆයර්ෆොක්ස් සිංහලකරණයට හවුල් වූ අයව පසුගාමී කිරීමේ හානිය අපි ගැමෝටමයි …කවුරු හරි ඒක අයිති කරගන්න හිතන් ඉන්නවා නම් ඒක ගොං කමක් …
ලොව වටා දහස් ගණනක් ස්වාදීන තාක්ෂණඥයින්ගේ සවිබලගැන් විමෙන් එළියට ආ Firefox සඳහා ලංකාවේ රජයට කිසිදු තනි අයිතියක් නැ! එහි අයිතිය ප්රජාව සතුයි!
රජය කියන්නෙත් පෞද්ගලික අංශය වගේම තනි ස්වාදීන දායකයෙක් වගේම දායකයෙක් පමණයි!

