සදීප රවිනාත් පල්ලියගුරු
අංක 09,
ආටිගල නිවාස
කැස්බෑව
පිලියන්දල
ගරු ජනාධිපතිතුමා
අරලියගහ මන්දිරය
කොළඹ 3
ගරු ජනාධිපතිතුමනි,
උත්සන්න වන විශ්ව විද්‍යාල නවක වදය පිලිබඳව
මේ දිනවල ජනමාධ්‍යය මගින් දක්වා ඇති ආකාරයට අමානුෂික , පහත් හා නින්දිත අන්දමේ වද හිංසා වලට සරසවි වල ක්‍රියාත්මක වෙමින් පවතී. අමානුෂික ශාරීරික ව හිංසා , ලිංගික අඩත්තේට්ටම් හා වාචිකව කරන හිංසනය නිසා සරසවි වල පවතින ඉගනුම් පරිසරය අවුල් වී ඇති අතර නවක සිසුන්ට සරසවි ජීවිතය අප්‍රසන්න වන තත්වයට පත් වෙමින් පවතී. පේරාදෙනිය සරසවියේ නවක වදයෙන් පසුව පදවියෙන් පැමිණි නවක සිසුවියකගේ සුසුම්නාවට බරපතල තුවාල සිදුවූ සිදුවීම මේ සිදුවීම් වලින් එකක් පමණි. බොහෝ සරසවි සිසුන් මේ නිසා සරසවි හැර යන බව බොහෝ දෙනා නොදනිති.
බාහිර සමාජය තුලදී ලංකා නීතියට පටහැණිව කටයුතු කරන්නන්ට දැඩි දඩුවම් ලැබේ. පොලීසිය ඔවුන් අත්ඩංගුවට ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති කටයුතු ආරම් කරනු ලැබේ. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. කෙසේ වුවද මෙම පනතේ ප්‍රතිපාදන සරසවි තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර දැන් නවක වදය සංවිධිත වූ ප්‍රසිද්ධියේ කෙරෙන අපරාධයක් බවට පත්වී ඇත.
මෙවන් තත්වයක් ඇතිවීම ලංකාවේ නීතියේ බලය හෑල්ලු කිරීමක් වන අතර අතලොස්සකට සුලු පිරිසක් පීඩනයට ලක් කිරීමට ඉඩ සැලැස්වීමකි.
රටේ පලමු පුරවැසියා , රටේ විධායක ජනාධිපතිවරයා , නීතීඥයකු හා දරු තිදෙනකු ගේ පියා වශයෙන් මේ තත්වල පිලිබඳ සංවේදී වෙමින් ලංකාවෙන් නවක වදය තුරන් කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමා ගෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි. සරසවි වල පරිපාලනයට සහ පොලිසියට මේ පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී
………………………………
සදීප රවිනාත් පල්ලියගුරු
පිටපත් :
උසස් අධ්‍යාපන ඇමතිතුමා / විශ්චවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
