My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

නවක වදයට එරෙහිව !

Posted by sadeepa palliyaguru on October 18, 2009

සදීප රවිනාත් පල්ලියගුරු

අංක 09,

ආටිගල නිවාස

කැස්බෑව

පිලියන්දල

ගරු ජනාධිපතිතුමා

අරලියගහ මන්දිරය

කොළඹ 3

ගරු ජනාධිපතිතුමනි,

උත්සන්න වන විශ්ව විද්‍යාල නවක වදය පිලිබඳව

මේ දිනවල ජනමාධ්‍යය මගින් දක්වා ඇති ආකාරයට අමානුෂික , පහත් හා නින්දිත අන්දමේ වද හිංසා වලට සරසවි වල ක්‍රියාත්මක වෙමින් පවතී. අමානුෂික ශාරීරික ව හිංසා , ලිංගික අඩත්තේට්ටම් හා වාචිකව කරන හිංසනය නිසා සරසවි වල පවතින ඉගනුම් පරිසරය අවුල් වී ඇති අතර නවක සිසුන්ට සරසවි ජීවිතය අප්‍රසන්න වන තත්වයට පත් වෙමින් පවතී. පේරාදෙනිය සරසවියේ නවක වදයෙන් පසුව පදවියෙන් පැමිණි නවක සිසුවියකගේ සුසුම්නාවට බරපතල තුවාල සිදුවූ සිදුවීම මේ සිදුවීම් වලින් එකක් පමණි. බොහෝ සරසවි සිසුන් මේ නිසා සරසවි හැර යන බව බොහෝ දෙනා නොදනිති.

බාහිර සමාජය තුලදී ලංකා නීතියට පටහැණිව කටයුතු කරන්නන්ට දැඩි දඩුවම් ලැබේ. පොලීසිය ඔවුන් අත්ඩංගුවට ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති කටයුතු ආරම් කරනු ලැබේ. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. කෙසේ වුවද මෙම පනතේ ප්‍රතිපාදන සරසවි තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර දැන් නවක වදය සංවිධිත වූ ප්‍රසිද්ධියේ කෙරෙන අපරාධයක් බවට පත්වී ඇත.

මෙවන් තත්වයක් ඇතිවීම ලංකාවේ නීතියේ බලය හෑල්ලු කිරීමක් වන අතර අතලොස්සකට සුලු පිරිසක් පීඩනයට ලක් කිරීමට ඉඩ සැලැස්වීමකි.

රටේ පලමු පුරවැසියා , රටේ විධායක ජනාධිපතිවරයා , නීතීඥයකු හා දරු තිදෙනකු ගේ පියා වශයෙන් මේ තත්වල පිලිබඳ සංවේදී වෙමින් ලංකාවෙන් නවක වදය තුරන් කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමා ගෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි. සරසවි වල පරිපාලනයට සහ පොලිසියට මේ පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී

………………………………

සදීප රවිනාත් පල්ලියගුරු

පිටපත් :

උසස් අධ්‍යාපන ඇමතිතුමා / විශ්චවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

About these ads

One Response to “නවක වදයට එරෙහිව !”

  1. sasha said

    මේ නවක වද පනතෙන් වුන කිසිම හොඳක් මම නම් දකින්නේ නෑ. දැන් වෙන්නේ කලින් එලි පිට වෙච්ච නවක වදය හොරෙන් වෙන එක විතරයි. රජයක් විදියට පනතක් විතරක් ගෙනැල්ලා කිසිම වැඩක් නෑ එකට විසදුමක් පෙන්වන්නේ නැතුව. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගොඩක් දෙනා හිතන් ඉන්නේ නවක ශිෂ්‍යයෝ එකිනෙකා අතර හදුනාගන්න තියෙන එකම ක්‍රමය නවක වදය කියල. මේ වැඩෙන් සිදු වුනේ නවක සිසුන් තව දුරටත් පෙළීමට ලක්වීම විතරයි.law should not be limited to paper it should be carried out from action too
    What I’m trying to say is that the cancellation of “rag” is good but those who carry out “rag” should be punished/reformed as well.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: