My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Archive for July, 2008

විවිද මෙහයුම් පද්දති වල ඔබේ වෙබ් අඩවිය පේන්නේ කෙසේද?

Posted by sadeepa palliyaguru on July 16, 2008

වෙබ් අඩවි නිර්මාපකයන්ට තියන එක ගැටලුවක් තමයි තමන්ගේ අඩවිය විවිද බ්‍රව්සරවල හා විවිද මෙහෙයුම් පද්දති වල දිස් වෙන ආකාරය හොයා ගැනීම… ඒකට ලේසි ක්‍රමයක් මෙන්න මේ අඩවියේ පෙන්නල දෙනවා..අපේ වෙබ් අඩවියේ ලිපිනය මෙයට ඇතුල් කරාම මොවුන් එය විවිද බ්‍රවුසර් හා මෙහෙයුම් පද්දති වල දිස් වන අන්දම පෙන්වා දෙනවා…

මේ මගේ ඩාඩවිය කොන්කරර් මත පෙනෙන හැටි …

ඔබත් ගිහිල්ලා බලන්න http://browsershots.org වෙත.

Advertisements

Posted in IT, web development | Tagged: | 2 Comments »

අන්තර්ජාලයේ සැරිසැරීමට ක්ලික් කිරීම අවශ්‍ය්‍මද ?

Posted by sadeepa palliyaguru on July 15, 2008

අපි හැම විටම එක තැනක සිට තවත් තැනකට අන්තර්ජාලයේ සැරි සරන්නේ පුරුකක් හෝ බොත්තමක් ක්ලික් කිරීම හරහායි. නමුත් අපි යමක් ක්ලික් කරන විට විවිද වැඩසටහන් මගින් අපගේ තොරතුරු ලබා ගැනීම කර හැක. විවිද වූ වෙබ් සර්වර් ලොග් සටහන් හා තවත් දහසක් ඔත්‍වු බලන වැඩ සටහන් වල අප්ගේ ගමන් මග සටහන් වනු ඇති බව http://www.dontclick.it/ නම් වෙබ් අඩවිය පවසයි.

මෙම ක්‍රමයට විකල්පයක් ලෙස ක්ලික් නොකරම වෙබ් අඩවියක් තුල සැරි සැරීමේ ක්‍රමයක් ඔවුන් හඳුන්වා දෙනවා … මෙය නව තාක්ශනයක් නොවුනත් මෙහිදී එක් කොටසකින් අඩවියේ තවත් කොටසකට යාමට ඔවුන් යොදා ඇති උපක්‍රම මෙන්ම අඩවියේ නිර්මාණයද ඉස්තරම…

ගිහිල්ලා බලන්න .. ඔබේ අදහස් ලිව්වොත් තුති…

Posted in Uncategorized | Tagged: , , | 3 Comments »

වෙනියිසියුලියානු රෑමතියක් විශ්ව රෑ රාජිනිය වෙයි..

Posted by sadeepa palliyaguru on July 15, 2008

රෑ රාජිනියන් පිලිබඳ පතල වෙනියිසියුලාවෙන් මේ වසරේ විශ්ව රෑ රාජිනිය තෝරා ගෙන ඇත. ලංකා බිස්නස් ඔන්ලයින් අඩවිය වාර්තා කරන අන්දමට ඇයගේ නම ඩයනා මෙන්ඩෝසාය. වයස 22 ක් වන ඇය ගේ උස සෙන්ටිමීටර 178 කි. මෙම තරඟයේ පලමු තැන ලබා ගැනීමට ඇය රුසියාව , ඩොමිනිකන් ජනරජය , මෙක්සිකෝව හා කොලොම්බියාව යන රටවල තරඟකාරියන් පරදා ඇත.

Miss universe 2008 with her crown

Miss universe 2008 with her crown

මෙයට වසර එක හමාරකට පමණ පෙර මේ රූමතිය පැහැරගැනීමකට ලක්වී ඇති අතර ඇය පවසා ඇත්තේ ඇයගේ රටේ මෙවැනි තත්ව නිතර ඇතිවන බවයි.

Posted in Uncategorized | Tagged: , , , | Leave a Comment »

ඇමරිකානු මානව හිමිකම් වැදි බණ

Posted by sadeepa palliyaguru on July 15, 2008

අපිට මානව හිමිකම් වල වැදගත් කම උගන්වන ලුවිස් ආර්බර් නෝනා වගේ  අයගේ  රටවල වැඩ වලින් ටිකක් මේ වෙබ් පිටුවේ තියනවා..

ඉරාකයී ෆලූජා නගරයේ දී ඇමරිකානු හමුදාව ප්‍රහාර වලට ගත්ත ආයුද වල තිබුන යුරේනියම් නිසා ඒ ප්‍රදේශ වල උපදින දරුවන් විශාල වශයෙන් මිය යන හෝ මන්ද බුද්දික හා ආබාදිත බවට පත් වෙනෙ බව මෙහි සඳහන් වෙනවා..

මොවුන් යුරේනියම් ටොන් ගානක් පාවිච්චි කරපු බව පිලි අරගෙන තියනවා …. මේ ආයුද වලින් පීඩා විිඳන්න සිද්ද වෙලා තියන අය අතරට පලවෙනි ගල්ෆ් යුද්දයේ සටන් කරපු සොල්දාදුවොත් අයත් ..

හිරෝෂිමා , නාගසාකි වල ඉදන් මේ වෙනකම් ඇමරිකාව කරලා තියෙන මානව සංහාර හා ඒවාගෙන් අයිතිවාසිකම් උල්ලංගණය වන අය ගැන කතා කරන්න එඩිතර වෙන්නේ කවුද ?

අපි වගේ රටක් රටට වගේම ලෝකයටම බරක් වෙලා තියෙන කොටින්ව මෙල්ල කරන්න සටන් කරන විට දෙමල ජනතාවගේ අයිතිවාසිකම් කැඩෙන එක ගැන කතා කරන්න නම් කට්ටිය ගොඩයි..!

Posted in conflict, LTTE, political, tamils, war | 2 Comments »

මහජනතාවගේ සාක් සමුලුව 2008

Posted by sadeepa palliyaguru on July 10, 2008

සාක් කලාපීය සහයෝගීතාවය පිලිබද සමුලුවක් වුනත් අපි හැමදාම අහන්නේ එහිදී රටවල් වල නායකයෝ කියන කරන දේ විතරයි. ඒ ඒ රටවල මහජනයා කරන කියන දේවල් වත් , ඔවුන් ගේ අදහස් වත්  මොනම සමුලුවකවත් ඇහෙන්නේ නැහැ. රටක ඉතිහාසයත් එහෙමයි .. ඉතිහාසයේ තියෙන්නෙත් රජවරු සිටුවරු ගැන විතරයි…  මෙන්න හැමදාම වෙන ඩ්දේට වෙනස් දෙයක්… සාක් කලාපයේ “ජනතාවගේ සමුලුවක්”…

මම මේ කියන්න යන්නේ සාක් සමුලුවට සමගාමීව ලංකාවේ පැවත්වෙන “ජනතාවගේ සමුලුවක්” ගැනයි.

Peoples SAARC is an annual regional convergence of peoples organizations and movements in parallel to the annual South Asian Association for Regional Cooperation (SAARC) summit. Sri Lanka is hosting the 2008 SAARC summit in Colombo between 27 July and 03 August. For security and logistical reasons Peoples SAARC 2008 will take place on 18, 19 and 20 July in Colombo. We look forward to hosting at least 500 delegates from the region and 500 from Sri Lanka as well as mobilizing over 5000 on 20 July for a mass demonstration of South Asian peoples unity and for a peoples agenda in South Asia.

මේ සමුලුව පැවැත්වෙන්නේ සාක් සමුලුවට සමගාමීවයි. සාක් කලාපයේ රටවල් නියෝජනය කරන ජනතා නියෝජිතයෝ 500 ක් විතර මේ සමුලුවට සහබාගී වෙයි කියලා අනුමාන කරනවා. මෙය ජුලි 18 , 19 හා 20 දින වල කොලබ දී පැවත්වෙනවා. සමුලුවට අමතරව කලාපීය ජනතාවගේ සහයෝගීතාවය හා ජනතාවගේ  වැඩසටහනක අවෂ්‍යතාවය පෙන්නුම් කරන demonstration එකක් පැවැත්වෙනවා..

Women, labour, peasants, urban and rural poor, cultural activists and organic intellectuals, students, youth and marginalised and excluded social groups and communities. All activists groups, social movements, progressive intelligentsia, cultural activists, writers, journalists and all those who subscribe to the ideas of the People’s SAARC must be galvanized in the name of the People’s SAARC and helped to converge in Colombo during the third week of July 2008. We pledge to abide by three principles of the platform process namely: (i) by being inclusive; (ii) by subscribing to the common minimum agenda; and (iii) by non-domination by individuals or organizations.

නාගරිකව හා ගම්බදව ජීවත් වෙන කාන්තාවන් , කම්කරුවෝ , ගොවියෝ , දිලිදු අය වගේම එක එක සංවිදාන වලට අයත් බුද්දිමතුන් , සිසුන් ආදී විවිද අය මේකට සහබාගී වෙනවා..

මෙය සංවිදානය කිරීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න කියලා ඔබගෙන් මම ඉල්ලා සිටිනවා.. ඔබට මෙයට සහය දක්වන්න බැරි වුනත් නොවරදවාම මේ ජනතාවගේ සමුලුවට සහබාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා…මේ සමුලුවට ඔබට විවිද විදියට උදවු කරන්න පුලුවන් ..

වැඩි විස්තර http://www.peoplespacesl.org/saarc3.php අඩවියෙන් ලබා ගන්න..

Posted in Sri Lanka | Tagged: , , , | 1 Comment »