My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

ලංකාවෙ බස් ගැන කතා බස්

Posted by sadeepa palliyaguru on October 28, 2008

වේලාව රෑ හත හමාරයි. ගෙදර යන්නත් එපැයි. නැග්ගා කැස්බෑව පිලියන්දල 120 බස් එකකට පිටකොටුවෙන්. වෙනදා තියන වැස්සත් අද නෑ. අනේ මගී ජනතාවට හීරුම් තුවාලයක් වත් වෙයි කියලා ගුණවත් ආචාරශීලී ප්‍රයිවට් බස් රියදුරු මල්ලී සෙනග නැති පාරේ ගරී සංසුන්ව හෙමින් හෙමින් එලවනවා. . විනීත සද්ගුණවත් කොන්දොස්තර මල්ලීත් අතිශය සුහද ලෙස මගීන් අමතමින් , ඔවුන්ට සුබ පතමින් යනවා.

අනේ ඉතින් මොනවා කරන්නද … සුපුරුදු ලෙස දැම්මා කුකුල් නින්දක් …. (මම කුකුලෙක් නොවෙයි ඕං .. නින්ද විතරයි..) මෙන්න එකපාරට බස් එක සැර දාලා රේස් කරලා යන්න ගත්තනේ මාර වේගෙන්… (මම හැරිලත් බැලුවා ලංගම එකක් එනවද පිටිපස්සෙන් කියලා .. )  රතාචාරී මල්ලී මාතලී  දිවිය පුත්තරයගෙ සීයා වගේ වෙට්ටු දාලා අරෙහට කපලා මෙහාට කපලා යන්න ගත්තෙ නැතෑ පු කඩියා කාලා වගේ … ඇත්තට මොකද මේ ? වසුදා , ශාන්තී , චිත්තී හරි වෙන සන්නියක් බලන්න යන්න හිතිලද මේ කඩිකුලප්පුව ? මෙච්චර කල් මේ ගෝතයා හෙමින් ලෙටුවෙ ඇයි … මූ බයිසිකල් කාර් වලට වෙට්ටු දාලා දාපි නේද වෙට්ටුවක් රවු ෆෝ එකකට … ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් වාහනේ නතර කර ගත්තා .. අපේ බස් රියේ රියදුරු පොරිසාදයා වැරැද්ද කරලා එනවා තව කියවන්නත්. දෙන්නා ගහ ගන්නත් ගිහින් නූලෙන් බේරුනේ…

ඉතින් ඔහෙලා දැන් මට හිනා වෙනවා ඇති මේක බ්ලොග් ලියන්නත් දෙයක්ද කියලා … ලංකාවේ බස් ඉතින් සදා කල් ඔහොම තමයි. මෑත කාලෙක බස් වල වෙනසක් උනේ ක්ලේමෝ පුපුරපු එක විතරයි . මුන්ගේ පකුම් , ගෙම්බර් , පොර ටෝක් අහ අහ අපිත් ඉතින් හැමදා කරමු බස් ගැන කතා බස්…. !

2 Responses to “ලංකාවෙ බස් ගැන කතා බස්”

  1. නිදහස් අදහස් said

    ඔහොම තමා ලංකාවෙ . වැරැද්ද කරල බනිනවා

  2. වරක් මහා ඇඳුරු නන්දදාස කෝදාගොඩ මහතා කියූ කතාවක් මතක් වෙනවා. හේ බොරැල්ල සේනානායක හන්දියෙන් හරවනකොටම තවත් වෑන් රියක් ඔහුට වෙට්ටුවක් දමා නවතා. “ඕයී මෝඩ ගොනා, ඔහොමද වාහන එලවන්නේ?” යි කියා ඇසුවේලූ.
    ඔහු ගේ නිහතමානී බව පල කිරීමට ඔහු අප හා කියු දෙයත් මෙහි සඳහන් කළ යුතුමය.
    “සමහර විට ඔහු ගේ රිය එලවීමේ පුරුද්ද නොමැති මා ඔහුට අනුව මෝඩ ගොනෙක් විය හැක.”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: