My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Archive for the ‘sinhala’ Category

නවක වදයට එරෙහිව !

Posted by sadeepa palliyaguru on October 18, 2009

සදීප රවිනාත් පල්ලියගුරු

අංක 09,

ආටිගල නිවාස

කැස්බෑව

පිලියන්දල

ගරු ජනාධිපතිතුමා

අරලියගහ මන්දිරය

කොළඹ 3

ගරු ජනාධිපතිතුමනි,

උත්සන්න වන විශ්ව විද්‍යාල නවක වදය පිලිබඳව

මේ දිනවල ජනමාධ්‍යය මගින් දක්වා ඇති ආකාරයට අමානුෂික , පහත් හා නින්දිත අන්දමේ වද හිංසා වලට සරසවි වල ක්‍රියාත්මක වෙමින් පවතී. අමානුෂික ශාරීරික ව හිංසා , ලිංගික අඩත්තේට්ටම් හා වාචිකව කරන හිංසනය නිසා සරසවි වල පවතින ඉගනුම් පරිසරය අවුල් වී ඇති අතර නවක සිසුන්ට සරසවි ජීවිතය අප්‍රසන්න වන තත්වයට පත් වෙමින් පවතී. පේරාදෙනිය සරසවියේ නවක වදයෙන් පසුව පදවියෙන් පැමිණි නවක සිසුවියකගේ සුසුම්නාවට බරපතල තුවාල සිදුවූ සිදුවීම මේ සිදුවීම් වලින් එකක් පමණි. බොහෝ සරසවි සිසුන් මේ නිසා සරසවි හැර යන බව බොහෝ දෙනා නොදනිති.

බාහිර සමාජය තුලදී ලංකා නීතියට පටහැණිව කටයුතු කරන්නන්ට දැඩි දඩුවම් ලැබේ. පොලීසිය ඔවුන් අත්ඩංගුවට ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති කටයුතු ආරම් කරනු ලැබේ. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. කෙසේ වුවද මෙම පනතේ ප්‍රතිපාදන සරසවි තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර දැන් නවක වදය සංවිධිත වූ ප්‍රසිද්ධියේ කෙරෙන අපරාධයක් බවට පත්වී ඇත.

මෙවන් තත්වයක් ඇතිවීම ලංකාවේ නීතියේ බලය හෑල්ලු කිරීමක් වන අතර අතලොස්සකට සුලු පිරිසක් පීඩනයට ලක් කිරීමට ඉඩ සැලැස්වීමකි.

රටේ පලමු පුරවැසියා , රටේ විධායක ජනාධිපතිවරයා , නීතීඥයකු හා දරු තිදෙනකු ගේ පියා වශයෙන් මේ තත්වල පිලිබඳ සංවේදී වෙමින් ලංකාවෙන් නවක වදය තුරන් කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමා ගෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි. සරසවි වල පරිපාලනයට සහ පොලිසියට මේ පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී

………………………………

සදීප රවිනාත් පල්ලියගුරු

පිටපත් :

උසස් අධ්‍යාපන ඇමතිතුමා / විශ්චවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

Posted in Education, GOSL, law, leader, Mahinda, political, president, sinhala, Sri Lanka, uni, Univerisity, youth | Tagged: , , , | 1 Comment »

Spam – ස්පෑම් කවි

Posted by sadeepa palliyaguru on February 3, 2009

තනිව කල්ගෙවන ,

සයිබර් ලොව හුදෙකලා වී,

දුරස් වී , වෙන්වෙලා ,

සිටින මාගේ මිතුරාය ඔබ ..

නිවහනින් , යහලුවන් වෙත ඊමේල් නොලද මුත්,

නිබදවම ඔබ පහස ලැබෙයි මට

වියග්‍රා , සයිඩනා ෆිල්,

කාලිස් ද පෙන්වලා,

පාඩමින් තොර ලබන

උපාදිය ගන්න හැටි ි,

පෙරමෝන යොදවලා ,

ලඳුන් වසඟ කරන හැටි

කියාදුන්නේ ඔබයි සබඳ,

දිනක නයිජීරියන් මුදලින්,්

ඩනවතෙකු වෙමි මෙමම,

එවිට මිතුරේ මෙමම ,

අයි ෆෝනයක් ගනිමි,

ත්‍රී ජීද, ඩී එස් එල් ද,ලැප් ටොප්ද

සියලු දේ මිලට ගමි

Posted in email, experience, internet, IT, poem, sinhala, spam, Technology, thought | Leave a Comment »

සියවැන්න සින්ඩිකේටරයට

Posted by sadeepa palliyaguru on November 10, 2008

වර්ඩ්ප්‍රෙස් අඩවියට අනුව මේ මගේ සියවෙනි බ්ලොග් සටහනයි. මම මේ බ්ලොග් සටහන දෙසියවන බ්ලොග් අඩවියද පසුකර අපගේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයට (සින්ඩිට) සුබ පැතීමට වෙන් කරමි.

සුබ පැතුම් සින්ඩි ! සුබ පැතුම් සිංහල බ්ලොග් කරුවනි !

I dedicate this post (100th post of my blog) to the Sinhala blog sindicator which recently got it’s 200th web site subscribed !

Congratulations Sindi ! Congratulations Sinhala bloggers !!

Posted in blog, sinhala, Sri Lanka | Tagged: , , , | Leave a Comment »