My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

Posts Tagged ‘documentary’

මේ දරුවන්ට උදවු කරමුද ?

Posted by sadeepa palliyaguru on November 19, 2008

මම යූ ටියුබ් අඩවියේ දැක ඇති සංවේදීම වීඩියෝවක් ඔබ හා බෙදා ගැනීමටයි මෙය ලියන්නේ. බස් බෝම්බයකට පසු පාලුවට ගිය යකා වැව ගම , එහි මිනිසුන් හා දරුවන්ගේ දුක්බර කතාව – නැතිනම් යුද්දයේ අපි නොදකින , නොඅසන පැත්ත මෙහි මැනවින් පෙන්වා තියෙනවා.

මේ දරුවන්ට උදවු කළ හැකි නම් , මේ මිනිසුන්ට පිහිට විය හැකි නම් , ලංකාවේ යුද ගිනි දැල් නිවන්නට අපිටත් දායක වෙන්න පුලුවන්. මේ විඩියෝව ගැන ඔබට හැකි නම් ලියන්න . ඔබේ මිතුරන් හා මෙය බෙදා ගන්න.

යුද්දයෙන් පීඩාවට පත් ජනතාව ගැන කෑ ගසන තමිල්නාඩු නලුවන්ට තේරුම් ගන්න මේ කතාව ඉංගිරිසියෙන් ලොවට කියන්න පුලුවන් නම් හොඳයි.

කවුරු දිනුවත් යුද්දයකින් පරදින අය සිටින බව යකා වැව ගමේ මේ කතාව පැහැදිලි කරනවා. යකා වැවේ , කිලිනොච්චියේ හා කොළබ සිටින හැම ලාංකිකයෙක්ම මේ ඉරණම විවිද මට්ටම් වලින් විඳිනවා..

Posted in conflict, LTTE, war | Tagged: , , , , , , , | 3 Comments »