My Life and My Views about the world

Sharing my world with you :: Happenings around me !

අතීතයෙන් බිදක්

Posted by sadeepa palliyaguru on March 31, 2011

මම හිතන විදියට ඒ 1988 හෝ 1989 … භීෂණ යුගය … මම හුගක් පොඩියි .. රෑ වෙලා .. .මම ලෙඩ වෙලා (පොඩි කාලේ මට නිතරම හතිය හැදෙනවා) .. මේ සිදුවීමේ මට හොදින්ම මතක එක් දෙයක් තියනවා .. මගේ අම්මයි තාත්තයි කොච්චර දුකින් මගේ ලගට වෙලා මට හොද වෙනකන් ඔලුව අතගගා හිටියද කියන ඒක ..  පුංචි කාලේ අපිට වෙච්ච දේවල් අමතක වුනත් මේ සිදුවීම මට හුගක් හොදින් මතක තියනවා …

දරුවන් වෙනුවෙන් දෙමවුපියන් කොච්චර කැපවීම් කරනවද කියන එක දරුවන්ට වැටහෙන්නේ හුගක් ප්‍රමාද වෙලා … බොහෝ වෙලාවට තමන්ට දරුවෙක් ඉන්නකොට තමයි දෙමවුපියන් තමන් වෙනුවෙන් කොච්චර දුක් විදලා ඇතිද කියන එක තේරෙන්නේ ! එතකොට බොහෝ වෙලාවට තමන් ප්‍රමාද වැඩියි ! එක්කෝ දෙමවුපියන් වයසට ගිහින් , නැතිනම් ඔවුන් මිය ගිහින් …

Posted in Uncategorized | Leave a Comment »

ජිවිතය

Posted by sadeepa palliyaguru on February 27, 2011

ජීවිතය ගංගාවකි ,

විටක සතුටු දිය දහර ඉවුරු තලා ගලා ඉතිරි යයි ,

නෑ සියන් , හිතවතුන් , ඉතිර යන සිනහ කැන් ……

තවත් විටක සිදී යයි දිය දහර ,

ඉතිරි වේ කඩිත්තක් , මඩ වතුර පිරි ගිය

 

Posted in Uncategorized | Leave a Comment »

Thoughts – Sri Lankan politics

Posted by sadeepa palliyaguru on September 2, 2010

Voting options of Sri Lankan parties

  • Skilled , Corrupt and Cunning (Everyone will switch to this mode when they come to power)
  • Diplomatic, posh , uncharismatic and not for masses(Main Opposition party)
  • Rebellious , always anti government, undiplomatic (You know who)
  • Nationalist (Sinhala), racial and religious
  • Pro Terrorist, Pseudo Tamil Nationalists

Not much of an option ha !

S : Please note that this article does not reflect the policies of my employer nor the organizations i am representing.

Posted in political, politics | Tagged: , , , | Leave a Comment »

Sri Lanka – Towards becoming a Singapore

Posted by sadeepa palliyaguru on September 2, 2010

A very small incident ignited the thoughts of writing this article. One day i was at Galle Face Green and a foreign couple , with a child were walking there looking for something. They were looking and looking. They were looking for a garbage bin and once they found the bin , they put the garbage there and went.

Trash Warning

Trash Warning In Sinhalese - "We are hiding here - If you dump trash , we will hit you "

How many Sri Lankans will do that ? How many indians will do that. We still put litter whereever we want (we dump our household trash on the road , spit whereever we want , smoke in public and the list would go on)

One of the key reasons (in my opinion) why the Europe and far eastern countries have developed is the discipline within the people. They will not litter on the road and would not break a queue when waiting for a bus or a taxi. This is an intagible component of the development which the government of Sri Lanka has not paid attention.

The ports , bridges and highways would make the physical development possible – yet we have to change the mindsets of people – otherwise all the efforts would not be very successful.

Is there a place where the younger generation learn about good values ? Does the schools teach them ?  These values should be instilled at the young age.

Laws are there to maintain the social order. They will hardly instill self discipline within the people. Think about the recent law to prohibit errant road crossings. We can’t deploy police to minitor how the people cross roads – it’s not practical and only self discipline will help.

PS : Please note that this article does not reflect the policies of my employer nor the organizations i am representing.

Posted in Development, Education, Sri Lanka | Tagged: , , , , | 1 Comment »

සමාජ ජාල හා ඔබගේ රැකියාව

Posted by sadeepa palliyaguru on May 11, 2010

ඔබ ඔබගේ කාර්යාලයේ ප්‍රදානීන් ඔබගේ facebook,linkedin වැනි සමාජ ජාල වලට ඇතුලත් කර ගන්නවද ? තම කාර්යාලයේ සියලු අයගෙන් ලැබෙන ඇරයුම් පිළිගැනීමට ඔබ සිටිනවාද? ආයතන ප්‍රදානිය සමාජ ජාලගත “මිතුරෙකු” වීම අර්බුද රාශියකට හේතු විය හැකිය. මේ ගැන බොහෝ ආයතන වල පිළිගත සම්ප්‍රදායක් නොමැති වීම තත්වය තවත් ගැටලුකාරී කරයි. මෙවන් විටක කල හැකි හොඳම දෙය වන්නේ සෙසු සේවකයන් සමග මේ ගැන විමසා පොදු ප්‍රතිපත්තියක පිහිට කටයුතු කිරීමයි.

කෙසේ වුවද සමාජගත ජාල සේවා වලින් ආයතන ප්‍රදානීන් හට ලබාගත හැකි ප්‍රයෝජනද බොහෝය. සමාජ ජාල හරහා ලබා ගන්නා අදහස් ඇසුරෙන් වඩාත් හොද සබදතාවක් තම සේවකයන් හා පවත්වා ගත හැක. එමෙන්ම ඒ මගින් ඔවුන්ගේ අදහස් විමසීම මිත්රශීලි ලෙස කර හැකිය.

Posted in job, Technology | Tagged: , , | Leave a Comment »

නව යුගයට පියනගමුද ? වංසේ කබල් ගාමින් කල් මරමුද ?

Posted by sadeepa palliyaguru on November 8, 2009

 

“සිංහල බස පිළිකන්නේ , ඉංග්‍රිසි යලි රජ වන්නේ “ මැයින් ලියූ ලිපිය කියවීමෙන් පසු මෙම ලිපිය ලිවීමට සිතුනි.

එරික් ගාමිණී මහතා සඳහන් කරන පරිදි ඉංග්‍රිසියට පයින් ගසා නිදහසට සමගාමීව අපි ‘ස්වභාෂාවෙන්’ ඉගනීම ආරම්භ කරන ලද්දේ 1910 පටන්‍ය. ඒ අනුව කොළඹ සරසවියේ කලා පීඨයේ සියලු විෂයන් සිංහල මාධ්‍යයෙන් ඉගැන්වෙන අතර , ඊට අමතරව දෙමල මාධ්‍යයෙන් හා අතලොස්සක් විශයන් ඉංග්‍රිසි මාධ්‍යයෙන්ද ඉගැන්වීම සිදුකෙරේ.

මෑතකදී සරසවියෙන් පිටවූ කලා පීඨ සිසුවකු ලෙස මා දකින්නේ “බලලා කූඩුවේම තබා ගැනීමේ” අටියෙන් ඉංග්‍රිසියට විරුද්ද වන්නන් ගේ පොදු මතය මෙම ලිපියෙන් පෙන්නුම් කෙරෙන බවයි. මම මෙසේ කියන්නේ හේතු ගණනාවක් මතය. ප්‍රතමයෙන්ම කලා උපාදි දාරීන් මුහුණ දෙන පොදු ගැටලුව සලකා බලමු. එය නම් රැකියා විරහිතභාවයයි. කොළඹ කොටුවේ අවුවේ වේලෙමින්, පාරවල් වසා ගනිමින් රැකියා ඉල්ලා සටන් කරන බොහෝ දෙනා කලා උපාදි දාරීන් වේ. රැකියා වෙලඳපොල තුලදී ඔවුන් හට මුහුණ දෙන්නට වන පොදු ගැටලුවක් වන්නේ ඉංග්‍රීසි හා පරිගණක දැනුම නොමැතිවීමයි. සමාජ විද්‍යාව , ආර්තික විද්‍යාව වැනි ප්‍රායෝගික විශයන් හැදෑරූ අයට පවා ඉංග්‍රීසි දැනුම නොමැති වීම හමුවේ රැකියා ලබා ගැනීම අපහසු වේ. ගුරු පත්වීම් හෝ සමහර රජයේ රැකියා හැරෙන්නට ඔවුන්ට පෞද්ගලික අංශයේ දොරවල් සම්පූර්ණයෙන් වැසී ඇත. මේ තත්වය සමනය කළ හැක්කේ ඉංග්‍රීසි මාද්‍ය භාවිතාව සරසවියේ ප්‍රචලිත කරවීමෙන් පමණි. මන්ද සරසවිය තුල කෙරෙන ඉංග්‍රීසි පාටමාලාව කෙරෙහි පවා බහුතරයක් සිසුන් දක්වන්නේ ඇල්මැරුණ ආකල්පයක් බැවිනි. සිංහල මාද්‍යයෙන් අද්‍යාපනය ලබා , විශේෂ උපාදි පලමු සාමාර්ඨ සහිතව සම්පූර්ණ කරන ලද සිසුන් පවා රැකියා විරහිතව සිටින්නේ බොහෝ සෙයින් මේ භාෂා ගැටලුව නිසාය.

කොළබ සරසවියේ කලා අංශයේ පුස්තකාලයට ගිය අයෙකුට සරසවි වල “සිංහල මාද්‍ය” බාවිතයේ තවත් පැතිකඩක් දැකගත හැකි වනු ඇත. වසර ගනණාවක් පුරා පැවති ජාත්‍යන්තර සබඳතා වැනි විශයන්ට පවා ඇති පොත් බොහොමයක් ඉංග්‍රිසි මාඩ්‍යයෙන් රචිත ඒවා වන අතර සිංහලින් ලියවුණු පොත් ඇත්තේ අතලොස්සකි. අපි සිංහල මාඩ්‍යයෙන් ගෙනගිය සරසවි අඩ්‍යාපනය සාර්ඨක වූවානම් පුස්තකාල පුරා සිංහලින් ලියවුණ පොත් තිබිය යුතු අතර , එය සිදු නොවී ඇත්තේ සිංහල මාඩ්‍ය මුල්කරගත් අඩ්‍යාපන ක්‍රමයේ අසාර්ඨක බාවන නිසා බව මාගේ හැඟීමයි. තිබෙන ඉංග්‍රිසි පොත් වල දූවිලි බැදී ඇති අතර ඒවා කිසිවෙකු පරිහරණය නොකරති. අවසාන වශයෙන් සිදුවී ඇත්තේ නව දැනුම හබා නොයන , “නෝට් පොටෝ කොපි කරන” ගිරා පෝතක රැලක් බිහිවීම පමණකි.  නව දැනුම හබා යාමට ඔවුන්ට ඇති බාඩකය වී ඇත්තේ “ඉංගිරිසියයි”. තමා හමුවේ ඇති බාධකය තරණය කරණු වෙනුවට , එය පිලිකෙව් කරමින් , එයට පරිබව කරමින් සිංහලෙන්ම ඉගෙනීමෙන් කිසිඳු සාඳනීය තත්වයක් ඇති නොවනු ඇත. එයින් සිදුවන්නේ නව දැනුමෙන් අප දුරස් වීමත් , “කූඩුවේම අප හිර වීමත්” පමණි. ලංකාවට මෑතකදී හඳුන්වා දුන් ගැටුම් නිරාකරණ විශය උදාහරණයකට සලකා බලබු. ආචාර්‍ය ජයදේව උයන්ගොඩ වැනි රචකයන් ලිවූ පොත් අතලොස්සක් හැරුණකොට , සියලු පොත් හා නිබන්දන ඇත්තේ ඉංග්‍රිසි බසිනි. අප කළ යුත්තේ කුමක්ද ? ස්වභාෂා අද්‍යාපනය නම් “ස්වබාදා” ප්‍රතිපත්තිය මත සිටිමින් නව දැනුමින් ඈත් වනවාද , නැත්නම් අභියෝග වලට මුහුණදෙමින් ඉංග්‍රිසිය පහුරක් කරගනිමින් නව දැනුම කරා යෑමද ? .

එරික් ම‍හතා දක්වන ලෙසම ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්වීම පිලිබඳ කතිකාවතක් කලා පීටය තුල කලක පටන් තිබුණි. අප සරසවියේ සිටින කාලය තුලදීම මෙම වෙනසට විවිද ලෙස ප්‍රතික්‍රියා දැක්වූ ආචාර්‍යවරුන් අපට දැකගත හැකිවිය. සරසවිය තුල සිටි ප්‍රගතිශීලී තරුණ ආචාර්‍යවරු මෙම වෙනසට සුබදායී ලෙස ප්‍රතිචාර දැක්වූහ. අපට ඉගැන්වූ එක් ආචාර්‍යවරයෙක් , ඉංග්‍රීසි මාදය‍යෙන් ඉගනගන්නා සිසුවියක ගෙන් ඉංග්‍රිසි ඉගනීමට තරම් නිහතමානී වන්නට ඇත්තේ මෙහි අවශයතාවය ඔවුනට එදා පටන්ම දැනුන නිසා වන්නට ඇත.

තවදුරටත් ගතහොත් රටේ පවතින පොදු “කුමන්ත්‍රණ න්‍යාය” එරික් මහතා IRQUE ව්‍යාප්‍රුතියටද අදාල කරගෙන් ඇත. කොළබ සරසවියේ කලා පීටයට අලුතින් ලැබී ඇති පරිහණක විද්‍යාගාරය , එහි උපාදි අපේක්ශකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුහුණු වැඩමුලු , ශිෂ්‍ය උප්දේශන සේවා ,  සරසවියේ ක්‍රියාත්මක වන සිංහල හා දෙමල පාටමාලා මෙම කුමන්ට්‍රණයේ කොටස්ද ? සිංහල බසින්ම සුපුරුදු ලෙස ඉගැන්වීම ප්‍රිය කරණ , නව්‍යකරණයට  විරුද්ද අයට IRQUE  “ඈක්” වීම ස්වභාවිකය. 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව මෙම වසරේ සැබවින්ම සිදු විය යුතුව ඇත්තේ සරසවිය ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්වීම වේගවත් වීමයි. මක්නිසාද යත් අතිගරු ජනාධිපතිතුමා මේ වසර “ඉග්‍රිසි හා තොරතුරු තාක්ෂණ වසර” ලෙස නම් කොට ඇති බැවිණි.

ඉංග්‍රීසි මාද්‍යෙන් ඉගැන්වීම හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතාවය බිඳ දැමීමට  එරික් මහතා ගෙන එන ප්‍රති තර්ක හාසයෝත්පාදකය ! ජෝර්ජ් බුෂ් ඉංග්‍රිසියෙන් ඉගනගනු විනා ලංකාවට පැමිණ සිංහලෙන් ඉගන ගත යුතුද ? ඔබ කියන අන්දමට ලන්ඩනයේ යුනිවර්සිටි කොලිජියේ ඉංග්‍රිසියෙන් ඉගන ගත් මහත්මා ගාන්දි හට අවිහිංසාවේ පියා වීමටද නොහැකි වනු ඇත. ඉංග්‍රිසියෙන් ඉගැන්වීම වෙනුවෙන් පෙනීසිටින අයගේ දරුවන් ගැන අප කතා කළ යුත්තේ ඔවුන් අපට ඉංග්‍රිසියෙන් ඉගනීමට කියා , ඔවුන්ගේ දරුවන්ට සිංහලෙන් උගන්වනවා නම් පමණි.

විශ්ව විද්‍යාලය යන පදයේ අර්තයට විශ්ව දැනුම ගවේශණයද අදාල වනවා ඇත. සිංහලය කර මත තබා අපට විශ්ව දැනුම ගවේශණය තරමක් අසීරු වනු ඇත. අප අසල්වැසි ඉන්දියාව මෙම කඩුල්ල ජයගත් රටකි. එම රටෙන් බිහිවූ ශ්‍රේශ්ට උගතකු වන මන්මෝහන් සිං මෙය දක්වන්නේ මෙලෙසිනි.

“ඉංග්‍රිසි යටත් විජිතයෙන් අපට ලැබුණු වැදගත්ම දායාද වන්නේ ඉංග්‍රිසි බාශාව හා නූතන පාසල් ක්‍රමයයි. …. ලොව බොහෝ රටවල් කර ඇති ලෙස මෙම බාශාව අප විසින් අපේ එකක් කරගෙන ඇත … අපි කතා කරන ඉංග්‍රිසි රැජිනගේ භාශාවම නොවන අතර , අප අතින් වැරදීම් සිදු වනු ඇත . අපි ඉංග්‍රිසි නිපාත නිසි ලෙස යොදා නොගනු ඇත. එසේ වුවත්  ආර්. කේ නාරායන් හා සලමන් රූශ්ඩි වැනි අය තුලින් ඉංග්‍රිසියට ඉන්දියානු නිර්මාණශීලීත්වය අපි එක් කොට ඇත්තෙමු. අද ඉංග්‍රිසිය , තවත් ඉන්දියානු භාශාවක් බවට පත්වී හමාරය.”

මන්මෝහන් සිං ඔක්ස්ෆෝඩ් සරසවියේදී

ඉන්දියාව , ඉංග්‍රීසීන්ට පයින් ගැසුවද ඉංග්‍රීසි භාෂාවට පයින් නොගැසීම ඔවුන්ගේ දියුණුවට හේතුව විය. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසා අද ඉන්දියාව තෙරතුරු හා සන්නිවේදන තාක්ශණයේ පෙරගමන්කරුවා වී ඇත. අපි ඒ දෙස බල බලා හූල්ලමින්  “ස්වභාෂාව” බදා ගෙන සිටිමු. ස්වභාෂාව තරම් අපේ රටට හෙණයට සිටි තවත් දෙයක් මට නොපෙනේ. එක් වතාවක් සිංහලය රාජ්‍ය භාෂාව කරගනිමින් , අවුරුදු 30 ක් ඇවිලුණ ගින්නක් අපි දැල්වුවෙමු.

සරසවි වල සිංහල මාද්‍යයෙන් ඉගැන්වීම තුලින් අප කරන්නේ කුමක්ද ? නව දැනුමට දෙරගුලු වසා ලීමයි. ඉංග්‍රිසිය තවදුරටත් “දනපති පන්තියේ” ආයුදයක් නොවේ. එය සියලු දෙනාට හිමි දෙයකි. එරික් මහතා කියන පරිදි සිංහල තුලින්ම ඉගැන්වීම සාමාන්‍ය පන්තියේ දරුවන්ට සරසවියේ අයිතිය උදුරා දැමීමකට වඩා සාමාන්‍ය පන්තියේ දරුවන්ට සාර්ඨකත්වය හා නුතන ලෝකය හා මුහුම් වීමේ අයිතිය උදුරා ගැනීමකි. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිඳු එදා නිදහස් අඩ්‍යාපනය ගෙන ඒමේදී එය “අපට ගහකට නගින්න එකෙක් නැති වීමක්” ලෙස සමහර අය හෙලා දකින ලදී. එබැවින් ඉංග්‍රිසියෙන් ඉගැන්වීමට විරුද්ද වීමත් , ඉංග්‍රිසිය මුල් කරගනිමින් ගොඩනැගුන බමුණු කුලයක අයට නොරිස්සීමට හැකිය.

මොරටුව සරසවිය මෙයින් ඔබ්බට ගිය එක් සරසවියකි. හොරොව්පතානේ සිට යාපනය දක්වා පරාසයක සිසුන් ඉංග්‍රිසි මාඩ්‍යයෙන් ඉගනීම කරන අතර , සාර්ඨකව රැකියා ලබාගනිති. අද විශ්ව විද්‍යාල අද්‍යාපනය රාජ්‍ය ඒකාඩිකාරයක නොපවතී. විවිද පෞද්ගලික  ආයතන විසින් උපාදිදාරීන් බිහි කරන අතර , ලංකා සරසවි ප්‍රජාව කළ යුත්තේ ඔවුන්ට තරඟයක් දිය හැකි සිසු පරපුරක් සරසවි තුලින් බිහි කිරීමයි. පෞද්ගලික සරසවි බොහෝ විට තම පාටමාල ඉංග්‍රිසියෙන් කරන අතර , සිංහලෙන් ඉගනගනිමින් , රැකියාවක් නොලැබීමේ අවදානම දන්නා සරසවී ශිෂය පජාව කරණුයේ පෞද්ගලික සරසවි වලට එරෙහිව පාරට බැහීමයි.

ඉතින් අප කළ යුත්තේ කුමක්ද ? වංශය කබල් ගාමින් සිංහලෙන් උගනිමින් රැකියා විරහිත උපාදිදාරී සංගම් සාමාජිකත්වය ලබා ගන්නවාද , නැතිනම් ලෝකයේ භාෂාව මගින් නියම “විශ්ව අඩ්‍යාපනයයක්” විශ්ව විශ්‍යාල තුලින් ලබා ගන්නවාද ? – කොළබ සරසවි කලා පීට විඩ්‍යාර්තීනි , තීරණය ඔබෙයි !

 

Posted in Uncategorized | 4 Comments »

ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි

Posted by sadeepa palliyaguru on November 7, 2009

 

සිකුරාදාවක් … වැහි දිනක්…

120 බස් නැවතුමක් … පාමංකඩ

සුපුරුදු ලෙස බිරිඳ සමග බස් නැවතුමට උදෑසනම ගියේ රතු ඉරට පෙර වැඩට යාමටයි.

තුන් රෝද රියක් නවතී ..යුවලක් ඉන් බසී …

මහලු යුවලක් …

සැමියා දෑස් අඳ අයෙකි… සුදු ජාතික ඇඳුමකින් සැරසී සිටී…

සුදු සැරයටියක් ඔහුගේ අබල අතේ ….

මහලු බිරිය ඔහු වත්තම් කරගෙන බස් නැවතුමට ආවාය..

ඔහු වෙව්ලයි …. සීතලින්ද ? අසනීපද ?

බස් රියක් පැමිණෙයි..

බිරිඳ අඳ සැමියා වාරු කරගෙන බසයට නැගීමට තැත් දරයි..

කොන්දොස්තර කොලුවා හඩ දෙයි…

අම්මේ ඔයගොල්ලන්ට නම් මේකේ යන්න බැහැ … ! ෆුඩ්බෝඩ් තමයි යන්න වෙන්නේ

බසයේ ඇති තරම් ඉඩ ඇත …

කොන්දොස්තර කොලුවා ගේ දෑස් රුපියල් සත වලින් වැසී ඇත..

යුවල නැවතත් බස් නැවතුමට …. වැස්ස මහ හඩින් වහියි…

බසය සුපුරුදු ලෙස වේගයෙන් ගමන අරබයි.

මට ගී පදයක් සිහිවෙයි … ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි

තවත් සුදු සැරයටි දිනයක් පසුගිය ඔක්තෝබර් 15 දින සැමරිණි.

Posted in Uncategorized | Tagged: , , , , , | Leave a Comment »

නවක වදයට එරෙහිව !

Posted by sadeepa palliyaguru on October 18, 2009

සදීප රවිනාත් පල්ලියගුරු

අංක 09,

ආටිගල නිවාස

කැස්බෑව

පිලියන්දල

ගරු ජනාධිපතිතුමා

අරලියගහ මන්දිරය

කොළඹ 3

ගරු ජනාධිපතිතුමනි,

උත්සන්න වන විශ්ව විද්‍යාල නවක වදය පිලිබඳව

මේ දිනවල ජනමාධ්‍යය මගින් දක්වා ඇති ආකාරයට අමානුෂික , පහත් හා නින්දිත අන්දමේ වද හිංසා වලට සරසවි වල ක්‍රියාත්මක වෙමින් පවතී. අමානුෂික ශාරීරික ව හිංසා , ලිංගික අඩත්තේට්ටම් හා වාචිකව කරන හිංසනය නිසා සරසවි වල පවතින ඉගනුම් පරිසරය අවුල් වී ඇති අතර නවක සිසුන්ට සරසවි ජීවිතය අප්‍රසන්න වන තත්වයට පත් වෙමින් පවතී. පේරාදෙනිය සරසවියේ නවක වදයෙන් පසුව පදවියෙන් පැමිණි නවක සිසුවියකගේ සුසුම්නාවට බරපතල තුවාල සිදුවූ සිදුවීම මේ සිදුවීම් වලින් එකක් පමණි. බොහෝ සරසවි සිසුන් මේ නිසා සරසවි හැර යන බව බොහෝ දෙනා නොදනිති.

බාහිර සමාජය තුලදී ලංකා නීතියට පටහැණිව කටයුතු කරන්නන්ට දැඩි දඩුවම් ලැබේ. පොලීසිය ඔවුන් අත්ඩංගුවට ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති කටයුතු ආරම් කරනු ලැබේ. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. කෙසේ වුවද මෙම පනතේ ප්‍රතිපාදන සරසවි තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර දැන් නවක වදය සංවිධිත වූ ප්‍රසිද්ධියේ කෙරෙන අපරාධයක් බවට පත්වී ඇත.

මෙවන් තත්වයක් ඇතිවීම ලංකාවේ නීතියේ බලය හෑල්ලු කිරීමක් වන අතර අතලොස්සකට සුලු පිරිසක් පීඩනයට ලක් කිරීමට ඉඩ සැලැස්වීමකි.

රටේ පලමු පුරවැසියා , රටේ විධායක ජනාධිපතිවරයා , නීතීඥයකු හා දරු තිදෙනකු ගේ පියා වශයෙන් මේ තත්වල පිලිබඳ සංවේදී වෙමින් ලංකාවෙන් නවක වදය තුරන් කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමා ගෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි. සරසවි වල පරිපාලනයට සහ පොලිසියට මේ පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී

………………………………

සදීප රවිනාත් පල්ලියගුරු

පිටපත් :

උසස් අධ්‍යාපන ඇමතිතුමා / විශ්චවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

Posted in Education, GOSL, law, leader, Mahinda, political, president, sinhala, Sri Lanka, uni, Univerisity, youth | Tagged: , , , | 1 Comment »

Free Damma Books by Postal Mail

Posted by sadeepa palliyaguru on July 14, 2009

Came up with a wonderful web site distributing buddhist damma books freely via post. During a time of commercialism at it’s helm it’s commendable to see such a service in action. This valued service is provided by the The Corporate Body of the Buddha Educational Foundation , Taipe.

Lord Buddha himself has stated that

Sabba danam dhamma danam jinati

which means the gift of Damma is greater than all the gifts.  While thanking the Buddha Educational Foundation for their wonderful service i wish that this service will be available for a long time.

You can access their web site by visiting http://budaedu.org/en

The available material could be seen from http://budaedu.org/en/book/

Please spread the word among your friends and use the valuable resources sparingly.

Posted in books, buddhism | 9 Comments »

Leo District Conference : Leo Web Cast

Posted by sadeepa palliyaguru on June 24, 2009

හිතවත් මිතුරනි ,

ලියෝ දිස්ත්‍රික් 306 ඒ 2 විසින මේ මස 27 වනදා කොළබ හෝටල් පාසලේදී ඔවුන්ගේ වාර්ෂික සම්මේලනය පවත්වනවා. එම උත්සවය සජීවීව වෙබ් කාස්ට් එකක් මගින් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට එය http://www.livestream.com/leowebtv හෝ http://www.leodistrict306a2.org/node/125 වෙතින් බලා ගත හැක.

මෙය අපි කරන තාක්ශනික අත්හදා බැලීමක් නිසා ජූනි 27 වෙනිදා පස්වරු 1 සිට මේ වැඩසටහන නරබා ඔබගේ ප්‍රතිචාර ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

Invitation banner Leo district conference

Invitation banner Leo district conference

එම අඩවියේ ඇති චැට් පහසුකම හරහා වුවද ඔබට අදහස් දැක්විය හැකියි.

දැනට ඇත්තේ අත්හදා බැලීමේ සේවාවකි.

Posted in Blogroll, IT, leo, Technology, web development, webcast, youth | Tagged: , , , , , | Leave a Comment »