මම හිතන විදියට ඒ 1988 හෝ 1989 … භීෂණ යුගය … මම හුගක් පොඩියි .. රෑ වෙලා .. .මම ලෙඩ වෙලා (පොඩි කාලේ මට නිතරම හතිය හැදෙනවා) .. මේ සිදුවීමේ මට හොදින්ම මතක එක් දෙයක් තියනවා .. මගේ අම්මයි තාත්තයි කොච්චර දුකින් මගේ ලගට වෙලා මට හොද වෙනකන් ඔලුව අතගගා හිටියද කියන ඒක .. පුංචි කාලේ අපිට වෙච්ච දේවල් අමතක වුනත් මේ සිදුවීම මට හුගක් හොදින් මතක තියනවා …
දරුවන් වෙනුවෙන් දෙමවුපියන් කොච්චර කැපවීම් කරනවද කියන එක දරුවන්ට වැටහෙන්නේ හුගක් ප්‍රමාද වෙලා … බොහෝ වෙලාවට තමන්ට දරුවෙක් ඉන්නකොට තමයි දෙමවුපියන් තමන් වෙනුවෙන් කොච්චර දුක් විදලා ඇතිද කියන එක තේරෙන්නේ ! එතකොට බොහෝ වෙලාවට තමන් ප්‍රමාද වැඩියි ! එක්කෝ දෙමවුපියන් වයසට ගිහින් , නැතිනම් ඔවුන් මිය ගිහින් …